දිස්ත්‍රික්ක 19ක ලක්‍ෂ 3ක් නියඟයෙන් විපතේ

85

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 19 ක පවුල් 84648 කට අයත් පුද්ගලයන් 2,91,720 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර, කෑගල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, කුරුණෑගල, යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව්, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, ගම්පහ, මාතලේ, මහනුවර, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල ජනතාව නියඟයෙන් පීඩාවට පත්ව සිටිති.

කුරුණෑගල පවුල් 6190 ක පුද්ගලයන් 20610 ක්, යාපනය පවුල් 22044 ක පුද්ගලයන් 70408 ක්, මුලතිව් පවුල් 23688 ක පුද්ගලයන් 75607 ක්, මහනුවර පවුල් 9697 ක පුද්ගලයන් 32695 ක් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටිති.

පීඩාවට පත්ව සිටින ඇතැම් ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින් පානීය ජලය බෙදාහරිමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment