බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට ගනී

131


බංග්ලාදේශ ප්‍රධාන විපක්ෂය වන ජාතික පක්ෂයේ නායක මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ එරට අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට එරෙහි විරෝධතා උත්සන්න වී ඇත.

අග්‍රාමාත්‍ය ෂීක් හසීනා බලයෙන් ඉවත් විය යුතු බව අන්තර්වාර රජයක් පිහිටුවිය යුතු බවත් විපක්ෂය බලකර සිටී. එම විරෝධතා මෙහෙයවීම කළේ මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් ය.

විපක්ෂ ක්‍රියාකාරීන් සහ පොලිසිය අතරේ ඩකා අගනුවර දරුණු ගැටුම් හටගත් බවත් ඩකා අගනුවර යුද පිටියක් බවට පරිවර්තනය වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බංග්ලාදේශ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 2024 ජනවාරියේය.

advertistmentadvertistment
advertistmentadvertistment