කුඩු සළිඳුත් රිමාන්ඩ්

405


රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සෙල්ලපෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නැමැත්තා ලබන මාර්තු 25 දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද (11දා) නියෝග කළේය.

සැකකරු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වමින් රට තුළ මනුෂ්‍ය ඝාතන ඇතුළු සංවිධානාත්මකව අපරාධ සිදුකිරීම යටතේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment