කාන්තාවකට අතවර කළ කොස්තාපල්ට සිර දඬුවම්

191

අවිවාහක කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබේ.එම වින්දිත කාන්තාවට රුපියල් 500,000ක වන්දියක් ගෙවන ලෙසත්, රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් එම වරදකරුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසුරිය මහතා ඊයේ නියෝග කර ඇත.මෙසේ බරපතළ වැඩ සහිතව සිරදඩුවම් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ නුවරඑළිය පොලිස් කොට්ඨාශයට අයත් හයිෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කළ ලක්ෂ්මන් සාලිය බණ්ඩාර විරසිංහ නැමති අයෙකුටය.එම සිර දඬුවමට අමතරව දඩ මුදල් ගෙවිමට අපොහොසත් වුවහොත් සිර දඬුවම තවත් වසර තුනකින් දිර්ඝ කිරීමටත් නියෝග කර ඇත.2019 වසරේදී එම පුද්ගලයා හයිෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කරන අතරතුර එම කාන්තාවට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් 2019 වසරේදී ඔහුට එරෙහිව නුවරඑළිය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment