රාජ්‍ය සේවයට ඉන්දියාවෙන් තල්ලුවක්

405

ඉන්දු-ලංකා හවුල්කාරීත්වයක් මගින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද ජනාධිපති කාර්යාලය කියයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේදී වූ එකඟතාවය පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාල ජ්‍යෙෂ්ඨ මට්ටමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (National Center for Good Governance, India) අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.මෙරට රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන ක්‍රමවේදය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. එම සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ගොස් අදාළ ඉන්දීය ආයතන සමඟ තවදුරටත් සාකච්ඡා කොට සුදුසු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය.

advertistmentadvertistment
advertistmentadvertistment