කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

97

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට හිමි විය.ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකන් වන වනිඳු සහ තීක්ෂණ අද තරගයේදී විවේක ගැන්වීමට පියවර ගෙන ඇත.ඒ අනුව වසර 3කට ආසන්න කාලයකට පසුව අද අකිල ධනංජය මුල්වරට එක්දින තරගයක් සඳහා එක්වනු ඇත.එසේම දුනිත් වෙල්ලාලගේ ද ඇෆ්ගනිස්තානයට එරෙහි අවසන් ගැටුමට කැඳවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment