අරුන්දිකගේ පට්ටම ගැලවෙයි

502

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර භූමියේ ගැටුම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණය සඳහා සහාය දීමට තමන් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව පොල්, කිතුල්, තල් වගා ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.

මෙම සිද්ධිය පිළිබඳව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙසද අරුන්දික ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඊයේ (03 දා) පෙරවරුවේ සිය අස්වීමේ ලිපිය යවමින් ඉල්ලා තිබේ.

තමාට රාජ්‍ය ඇමැතිධුරයක් ලබාදීමට කටයුතු කළ ජනපති අගමැති සහ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාවට සිය ස්තුතිය පිරිනමන බවද ඔහු එහි සඳහන් කර ඇත.

එම ගැටුම සම්බන්ධයෙන් පෙරේදා (02දා) අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා කියා සිටියේ එම සිද්ධියට තමාගේ කිසිවකු සම්බන්ධ වී තිබේ නම්, ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා විනය තීන්දුවක් ගැනීමට කි‍්‍රයාකරන අතර සිද්ධියට තමා සම්බන්ධ බවට ඔප්පු කළහොත් තමා අනිවාර්යයෙන්ම අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment