පුරාවිද්‍යා උරුමයන්ට අනිසි බලපෑම් හා තර්ජන – පුරාවිද්‍යාඥයන්ගේ සංගමය

257

මෑතක සිට පුරාවිද්‍යා උරුමයන්ට අනිසි බලපෑම් තර්ජන එල්ලවන බව ජාතික උරුමය සුරැකීම පිළිබඳ ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම සංගමයේ සභාපති පුරා විද්‍යාඥ ආචාර්ය ඩබ්ලිව්. බෝහිංගමුව සහ සම ලේකම් පුරාවිද්‍යාඥ සුජාතා පෙරේරා යන අයගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.

පුරා වස්තු ආඥා පනත අනුව වසර සියයක් ඉක්මවන පැරණි ස්මාරක, ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම් පරිච්ඡේදයක් නියෝජනය කරන බැවින් එම උරුමයන් ආරක්‍ෂා කිරීම ජාතික වගකීමක් බවද සඳහන් කරයි. එබැවින් සංවර්ධන කටයුතු සඳහා මුළුමනින්ම කඩා දැමීම හෝ විනාශ වීමට ඉඩ හැරීම හෝ විවිධ ආගමික හා වෙනත් අවශ්‍යතා සඳහා අවභාවිතාවේ යෙදවීම මෑතක සිට සුලභ කරුණක් වී ඇතැයි ද පවසයි. මෙම ජාතික උරුමයන් නැති කරන කවරකුට වුව නීති ප්‍රකාර දඬුවම් ලබාදිය යුතු බව ද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment