වරෙන්තු පිට සිටි අඩෙයිකලනාදන් උසාවි ආ පසු ඇප

102

හැත්තෑ පස්වෙනි ජාතික නිදහස් දිනය රාජ්‍ය විරෝධී දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කොට උතුරේ පෙළපාලි ගිය දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්ට යාපනය අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කළ අතර ඔහු 7 දා නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට භාර වී තිබේ.

කලින් අධිකරණය හමුවේ පෙනී සිටීමට ලබා දුන් දිනයේ ඔහු රෝහල්ගතව සිටි බව මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව දැඩි ලෙස අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා ඔහු රුපියල් ලක්ෂ දෙකක පුද්ගල ඇපයක් මත මුදාහැර තිබේ.

ජාතික නිදහස් දිනය දා රජයට විරෝධය පළකරමින් පෙළපාලි යෑම සම්බන්ධයෙන් යාපනය පොලිසිය යාපනය අධිකරණයේ නඩුවක් ගොනු කොට තිබූ අතර දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාද එම නඩුවේ චූදිතයෙක් විය.

මීට පෙර නඩු විභාගයට ඔහු පෙනී නොසිටීම නිසා ඔහුට වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර මෙම නඩුව ඔක්තෝබර් 25 වැනිදා යළි විභාග වීමට නියමිතය.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment