ඩීසල් රු.10 කින් බැස්සුවොත් බස් ගාස්තු අඩු කරනවා – ගැමුණු කියයි

100

ඩීසල් මිල රුපියල් 10 කින් හෝ අඩු කළොත් බස් ගාස්තුව අඩු කිරීමේ හැකියාව පවතින බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මෙරටට ලැබීම නිසා පහත තට්ටුවේ (පඩිපෙළ නොමැති) සුඛෝපභෝගි බස් රථ 50 ක් චීනයෙන් ගෙන්වා කොළඹ සහ අවට ධාවනය කරවීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට ජනාධිපතිවරයා විශේෂ කැපකිරීමක් කළ බවත් ඒ ගැන ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන බවත් විජේරත්න මහතා කීය. දැනට රටේ ප්‍රවාහන ක්‍ෂේත්‍රයට අවශ්‍ය බස් රථ සේවාව ලංගමය සහ පෞද්ගලික බස් රථ මගින් සිදුකරන බවත් එය නොසලකා ඇතැම් ඇමැතිවරුන් බස් රථ සඳහා විදෙස් ආයෝජනයන් ගෙන ඒමට උත්සාහ දරන බවත් ඒ මහතා කීය. ප්‍රවාහන ක්‍ෂේත්‍රයට එසේ අවශ්‍යතාවයක් නොමැති බවත් එවැනි අවස්ථාවක බස් කර්මාන්තය කඩා වැටීමට එවැනි ඇමැතිවරුන් දරන උත්සාහයන් පරාජය කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment