තවත් විදුලි ජනකයකට නොරොච්චෝලෙ ඉඩ තිබෙනවා – විදුලි ඉංජිනේරු සංගමය

672

ඉදිරියේදී රට තුළ ඇතිවන විදුලි ඉල්ලූම සැපයීම සඳහා නොරොච්චෝල බලාගාරය තුළ තවත් මෙගාවොට් 300 ක විදුලි ජනක යන්ත‍්‍රයක් ඉදිකළ යුතු යැයි ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.
 
නොරොච්චෝල ගල් අ`ගුරු විදුලි බලාගාරය තුළ මේ වන විට මෙගාවොට් 300 ක ධාරිතාවයෙන් යුතු විදුලි ජනක යන්ත‍්‍ර තුනක් ස්ථාපිත කර දේශීය ඉංජිනේරුවරුන්ගේ පාලනය යටතේ පවත්වා ගෙන යන බවද ඒ මහතා සඳහන් කළේය.
 
මෙගාවොට් 300 ක විදුලි ජනක යන්ත‍්‍රය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට ගියහොත් විශාල පිරිවැයක් සහ අක්කර කීපයක භූමියක් අවශ්‍ය බවත් පැවසූ ඒ මහතා එම පිරිවැය අවම කර ගැනීම සඳහා නොරොච්චෝල බලාගාර භූමියේම මෙය ඉදි කළ හැකි බවද කීවේය.
 
ජල විදුලියෙන් විදුලි ඒකකයක් නිපදවීම සඳහා රුපියල් 2.34 ක්ද ගල් අ`ගුරුවලින් ඒකකයක් නිපදවීම සඳහා රුපියල් 8.00 ක මුදලක්ද ඉන්ධනවලින් ඒකකයක් නිපදවීම සඳහා රුපියල් 26 -28 ක් අතර මිලක් වැයවන බවද පැවසීය. මේ අවස්ථාවේ රටේ ඇතිවන විදුලි ඉල්ලූමට සරිලන ලෙස අඩු වියදමක් දරා නිපදවිය හැකි විදුලි බල ක‍්‍රමය වන්නේ නොරොච්චෝලේ මෙගාවොට් 300 විදුලි ජනක යන්ත‍්‍රයක් සවිකිරීම බවද පැවසූ කුමාරවඩු මහතා ඊට එරෙහිව හඬ නගන්නේ වැඩි මිලට විදුලිය සපයන ඞීසල් මාෆියාවට සම්බන්ධ පිරිස් බවත් සඳහන් කළේය.
 
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment