දර්ශගේ සිත්තම් ඇල්පිටියේදී

64

ප්‍රවීණ චිත්‍ර ශිල්පී, දර්ශ කපුගේ ගේ දර්ශගේ සිත්තම් ඒක පුද්ගල සිතුවම් දැක්ම එළැඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලීය රූපා කරුණාතිලක රඟහලේදී පැවැත්වේ.

පසුගියදා ඉතාලියේ මිලානෝ සහ වෙරෝනා හිදී චිත්‍ර ප්‍රදර්ශන ද්විත්වයක්ද පැවැත්වූ ඔහු ඇල්පිටියේදී පවත්වනු ලබන්නේ තම 05 වැනි ඒක පුද්ගල සිතුවම් දැක්මය. ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විදුහලේ ආදි ශිෂ්‍යෙයකුද වන දර්ශගේ මෙම සිතුවම් දැක්මට අමතරව එම විදුහල සහ අවට පාසල් කිහිපයකට ඔහුගේ දැනුම බෙදා දීමේ අරමුණින් චිත්‍ර වැඩමුළුවක් ද එදිනට පවත්වනු ලබේ. එයට සමගාමීව චිත්‍ර තරගයක්ද මෙහිදී පැවැත්වෙන අතර ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීමක්ද සිදුකෙරේ. ආදි ආනන්දීය 89-92 කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන දර්ශගේ සිතුවම් දැක්ම උදෑසන 09.00 ට ආරම්භ වී පාසල් දරුවන් වෙනුවෙන් වෙන්වූ වැඩසටහන නිමවීමෙන් පසු ප. ව. 02.00 සිට රාත්‍රී 8.00 දක්වා මහජනතාව සඳහා විවෘතව ඇත.

දර්ශගේ සිත්තම් ඇල්පිටියේදී

advertistmentadvertistment
advertistmentadvertistment