පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ක්‍රීඩා ඇමැති බොරු කියනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි

38

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බව ඊයේ (08 දා) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියේය.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. ලබන වසරේ ජනවාරි මාසයේදී මෙරටදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල කැපවීමෙන් කටයුතු කරයි.

විශේෂයෙන් මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය සවිකිරීම සහ එහි අනෙකුත් පහසුකම් වැඩි දියුණු කිරීම 2023 ආසියානු කුසලාන තරගාවලියට සමගාමීව ආරම්භ කළ බවත් ආනයන සම්බාධක හේතුවෙන් එහි කටයුතු අපේක්ෂා කළ පරිදි නිම කිරීමට නොහැකි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනයෙන් තවදුරටත් දන්වා සිටී. එබැවින් එම ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය නැවත ස්ථාපනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 1.5 ක් වියදම් කර ඇති බවට චෝදනා කළත් එය සත්‍ය නොවන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කර සිටී.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment