Combank.lk ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය ලෙස කිරුළු පළඳියි

65

LK ඩොමේන් රෙජිස්ටි්‍ර විසින් පවත්වන ලද 2023 BestWeb.lk තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ හොඳම බැංකුකරණ සහ මූල්‍ය වෙබ් අඩවිය මෙන්ම තරඟාවලියේ සමස්ත ජයග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව විසින් ද්විත්ව රන් පදක්කම් දිනා ගන්නා ලදී.

බැංකු ක්ෂේත්‍රයේ හොඳම වෙබ් අඩවිය ලෙස කොමර්ෂල් බැංකුව මෙම තරඟාවලියේ ඉහළම සම්මානය දිනා ගත් අඛණ්ඩ දෙවැනි වසර මෙයයි.

BestWeb.lk සම්මාන සඳහා වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමට භාවිතා කරන පුළුල් නිර්ණායක සඳහා ක්‍රියාකාරීත්වය, භාවිතයේ පහසුව, නියමිත ප්‍රමිතීන්ට සහ අදාළ නීතිරීති වලට ඇති අනුකූලතාව, කාර්ය සාධන කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය, නිර්මාණ සෞන්දර්යය, අන්තර්ගතයේ ගුණාත්මකභාවය සහ පරිශීලකයින් සමඟ ඇති අන්තර්ක්‍රියාවන් වල ගුණාත්මකභාවය ඇතුළු ගුණාත්මක අංශ රාශියක් සලකා බලනු ලබයි. BestWeb.lk සම්මාන ප්‍රදානයේ 13 වැනි අදියර අගෝස්තු 9 වැනි දින පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සෑම අංශයකින්ම හොඳම වෙබ් අඩවිය ලෙසින් සම්මානයට පාත්‍ර වීමේ මෙම සන්ධිස්ථානගත ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා පැවසුවේ “පාරිභෝගිකයන්ට පහසුව සලසන අතර විවිධත්වය ද පවත්වාගනිමින් අපගේ වෙබ් අඩවිය දැන් ඉටු කරන අතිශය වටිනා කාර්යභාරය ඇගයීමට ලක්වීම සතුටට කරුණක්. ඉහළ තාක්ෂණික දැනුමක් ඇති විශේෂිත පාරිභෝගිකයන් පිරිසක් වෙබ් අඩවි භාවිතා කළ කාලයක් තිබුණි. නමුත් අද, අන්තර්ගතයන් භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීම, වැඩිදියුණු කළ පරිශීලක හිතකාමිත්වය සහ පුළුල් පරාස ක්‍රියාකාරීත්වය සමඟින්, අපගේ වෙබ් අඩවිය මිලියන සංඛ්‍යාත ජනතාවකට අත්‍යවශ්‍ය සම්පතක් බවට පත්ව ඇත. මේ සියල්ල සමබර ලෙස පවත්වාගනිමින් පාරිභෝගිකයන්ට සේවා සපයන වෙබ් අඩවියක් ලෙස ගෞරවයට පාත්‍රවීම අපට ඉමහත් සතුටක්.”

සේයාරු සටහන:
කොමර්ෂල් බැංකුව දිනූ සම්මාන ලබාගත් බැංකුවේ නියෝජිත කණ්ඩායම.

advertistmentadvertistment
advertistmentadvertistment