සිංගප්පූරු ගිවිසුමේ වැඩ දැනට ජනපති යටතට

405

සිංගප්පූරුව සමග ඇති කර ගත් ගිවිසුම් හා සාකච්ඡාවල ප්‍රගතිය අදාළ වැඩ විෂය භාර අමාත්‍යවරුන් වෙත පවරන තෙක් එම සාකච්ඡාවලදී මෙතෙක් ආ එකඟතා පිළිබඳ කටයුතු ජනාධිපති කාර්යාලය යටතේ පවත්වා ගෙන යෑමට තීරණය ගෙන තිබේ.

උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට නියමිත සුළං සහ සූර්ය බලශක්ති නිෂ්පාදන නවීන තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගනිමින් සිංගප්පූරුවට යැවීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරයේදී සාකච්ඡා සිදුව ඇත.

සුළං සහ සූර්ය විදුලිය නිෂ්පාදනය කර දෙරට අතර හුවමාරු කර ගන්නා ආකාරය ගැන ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය.

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු පරිසර අමාත්‍යාංශය වෙත පැවරීමට නියමිතය. නිපුණතාව සහිත හෙදියන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන් ශ්‍රමිකයන් ලෙස සිංගප්පූරුවට යැවීමට අදාළ කටයුතු විදේශ රැකියා අමාත්‍යාංශය වෙත පවරනු ඇත.

මෙම ව්‍යාපෘති අදාළ අමාත්‍යාංශ වෙත පවරන තෙක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් ඉදිරියට ක්‍රියාත්මක වේ.

යෝජිත සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ගැන මෙන්ම ඉන්දියන් සාගරයේ ආරක්ෂාව ගැන කටයුතු ද සාකච්ඡා කර ඇති අතර ඊට අදාළ ව්‍යාපෘති මුදල් අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැවරීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment