උද්ඝෝෂකයන් නිසා කොරෝනා පැතිරුණා නම් ඇමැතිවරුන්ට හැදුණේ කොහොමද? සජිත් අසයි

351

කොරෝනා පැතිරෙන්නේ උද්ඝෝෂකයන් නිසා නම් ඇමැතිවරුන්ට කොරෝනා හැදුණේ කොහොමදැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රශ්න කර සිටී.

විපක්ෂ නායකවරයා එසේ පැවසුවේ පෙරේදා (07දා* තිස්සමහාරාමයේ පැවති වැඩසටහනකට එක් වෙමිනි.

ආණ්ඩුවේ වසරක ශේෂපත‍්‍රය තුළ ඇත්තේ අසාර්ථකත්වය, නොහැකියාව සහ ජීවිත අනතුරට දැමීම පමණක් බවද ඒ මහතා පැවසීය.

විපක්ෂ නායකයා ලෙස තමන් ලබාගත් එන්නත කුමක්දැයි ආණ්ඩුවේ ඇතැමුන්ට ප‍්‍රශ්නයක් මතු වී ඇති අතර, ඒ කිසිවකුට තමන්ගේ නායකයෝ ගත්ත එන්නත කුමක්දැයි හෝ ගත්තේ කවදා දැයි කියා අසන්නට ශක්තියක් නැති වීම ගැන කනගාටු වන බව ද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment