ආයුර්වේද ඖෂධ සංස්ථා සේවකයන්ට රූලට පිටින් කෝටි 61ක්

139

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් චක්‍රලේඛ නියමයන්ට පටහැනිව මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ඉකුත් වසර 08 ක කාලයේ දී දිරි දීමනා වශයෙන් සංස්ථාවේ සේවකයන් සඳහා රුපියල් හැට එක්කෝටි දසලක්ෂ හෑත්තෑඑක්දහස් පන්සිය හැටනවයක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

2022 වර්ෂයේ දී සංස්ථාවේ සේවකයන් සඳහා නිෂ්පාදින දිරිදීමනා වශයෙන්, දෙකෝටි නමලක්ෂ දාහත්දහස් තුන්සිය තිස්හතක (20,917,337) මුදලක් ද පැමිණීමේ දීමනා වශයෙන් අනූඅටලක්ෂ අනූහත්දහස්, නමසිය පනහක මුදලක් ද (9,897,950) ඵලදායිතා දීමනා වශයෙන් රුපියල් තුන්කෝටි හතළිස් එක්ලක්ෂ දාහතරදහස් හත්සිය හැට අටක මුදලක් ද (34,114,768) ගෙවා ඇති බව විගණන වාර්තාවේ සඳහන් වෙයි. 2022 වර්ෂයේ දී චක්‍රලේඛ නියමයන්ට පටහැනිව ගෙවා ඇති දීමනාවල එකතුව රුපියල් හයකෝටි හතළිස් නම ලක්ෂ තිස්දහස් පනස්පහකි. විධිමත් අනුමැතිය ලබාගත් දිරිදීමනා යෝජනා ක්‍රමයක් මත පමණක් දිරි දීමනා ගෙවිය යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment