නව සැසිය දා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

44

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ලබන 07 වැනිදා උදේ 10.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය ලබන 08 සහ 09 දිනවල උදෑසන 9.30 සිට සවස 5.30 දක්වා පැවැත්වෙයි.

පාර්ලිමේන්තුව විවෘත කෙරෙන ලබන 07 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment