මගේ ව්‍යාපාරය ගොඩනැගුණේ ලංකා බැංකුව ලබා දුන් ශක්තියෙන් – දේශමාන්‍ය උපුල් සෙනරත් සභාපති – ඇක්සෝන් ලංකා පෞද්ගලික සමාගම

517

ව්‍යාපාරයක් ආරම්භ කර එය ගොඩනැගීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එමෙන්ම ආරම්භ කළ ව්‍යාපාරය දිගු කලක් තිස්සේ සාර්ථකව මෙන්ම අඛණ්ඩව පවත්වාගෙන යාම ඊටත් වඩා අපහසු කටයුත්තකි. මෙම අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට සහයෝගය ලබාදීමට ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව නිරන්තරයෙන් කැප වී සිටින බව පැවසිය යුතුම කරුණකි.

ලංකා බැංකුවේ සහයෝගයෙන් ගොඩනැගුණු ව්‍යාපාරයක් වන ඇක්සෝන් ලංකා පෞද්ගලික සමාගමට ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබුණු ප්ලාස්ටික් බහාලුම් මිලියන 22 ක ඇණවුමේ පළමු අදියර නැව්ගත කිරීමේ අවස්ථාව පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්වුණු අතර, එම අවස්ථාවට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ණය මෙහෙයුම් – කලාප අංක 02) වයි. ඒ. ජයතිලක, සහකාර මහා කළමනාකරු (පාරිභෝගික හා සංවර්ධන බැංකු කටයුතු) ඩී. ඒ. එස්. එස්. විමලසිරි, සහකාර මහා කළමනාකාරිණී (ශාඛා ණය – කලාප අංක 02) ගංගා සමරක්කොඩි, සහකාර මහා කළමනාකරු (ඌව පළාත) අයි. කේ. නවරත්න, ඇක්සෝන් ලංකා සමාගමේ සභාපති, දේශමාන්‍ය සිංහ උපුල් සෙනරත් යන මහත්ම මහත්මීහු සහ ඇක්සෝන් ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.

මෙම අවස්ථාව අමතමින් ඇක්සෝන් ලංකා පෞද්ගලික සමාගමේ සභාපති දේශමාන්‍ය උපුල් සෙනරත් මහතා සිය සාර්ථකත්වයේ කතාව පැවසුවේ මේ අයුරිණි. “මම 1994 දි තමයි ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නෙ. අපේ නිෂ්පාදනය වුණේ Ozone mineral water. ඒ වෙනකොට වතුර විකුණන්න පුළුවන් කියන සංකල්පය මේ රටේ කිසිම කෙනෙකුට තිබුණෙ නැහැ. මම ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා ගන්න බැංකු ගණනාවකටම ගියා. නමුත් මට අවශ්‍ය කරපු ඒ සහයෝගය කිසිම බැංකුවකින් ලැබුණෙ නැහැ. මම මගෙ හීනය වුණු Ozone Mineral water ව්‍යාපාරය ඉතා කුඩාවට ආරම්භ කළා. ඒ අතරෙ දි තමයි ලංකා බැංකුව මට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණේ. Ozone Mineral water කියන්නෙ ලංකාවෙ පළමුවැනි දේශීය බෝතල් කළ පානීය ජල නිෂ්පාදනයයි. ඒ වගේ ම අපි ඒ නිෂ්පාදනය ඉතාමත් ගුණාත්මකව සහ ප්‍රමිතිගතව නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා. අද වෙන කොට Ozone Mineral water ජපානය ඔස්ටේ්‍රලියාව වගේ රටවල් කිහිපයකටම අපි අපනයනය කරනවා. 2010 වසරෙ දි තමයි මම ඇක්සෝන් ලංකා පෞද්ගලික සමාගම ආරම්භ කරන්නෙ. අපි මුලින් ම මේ සමාගම ආරම්භ කළේ අපේ අනෙකුත් නිෂ්පාදනවල බෝතල්වලට අවශ්‍ය මූඩි නිෂ්පාදනය කිරීමටයි. නමුත් අද වෙනකොට අපි මෙම ආයතනය හරහා විවිධ නිෂ්පාදන ක්ෂේත්‍රයන් ආවරණය කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අපිට මේ ඇමරිකානු ඇණවුම බාරගන්න හැකියාව ලැබුණෙ. ඒ ඇණවුමේ මුල්ම අදියර නැව්ගත කරන මේ අවස්ථාවෙදි අපගේ සාර්ථකත්වයට සහයෝගය ලබා දුන්නු ලංකා බැංකුවේ කළමනාකාරීත්වය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් නොයෙක් අයුරින් සහයෝගය ලබා දුන් සියලුම දෙනාටත් ස්තූතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”

ලංකා බැංකුව පිළිබඳව අදහස් දක්වමින් සෙනරත් මහතා ප්‍රකාශ කළේ, ලංකා බැංකුව ලබා දුන්නු සහයෝගය ඉතාමත් ඉහළයි. ව්‍යවසායකයෙක් කියන්නෙ නිර්මාණශීලී කෙනෙක්. අනාගතය දකින කෙනෙක්. ව්‍යවසායකයෙක් යම්කිසි නිර්මාණාත්මක ව්‍යාපාරික අදහසක් ඉදිරිපත් කළාම ලංකා බැංකුව ඒ අදහස යථාර්ථයක් බවට පත් කර ගැනීමට උපරිම ශක්තිය ලබා දෙනව. එය තමයි බැංකුවකින් විය යුත්තෙ. ලංකා බැංකුව ඒ වගකීම ඉතාමත් සාර්ථකව ඉටු කරන ආයතනයක්. ඒ වගේ ම මේ රටේ කොඳු නාරටිය විදියට හැඳින්වීමට හැකි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවන්නට ලංකා බැංකුව ඉටු කරන කාර්යභාරය ඉතාමත් කෘතඥ පූර්වකව සිහිපත් කරනවා වගේ ම ඒ කාර්යභාරය දිනෙන් දින ම සාර්ථක වේවා කියල මම ප්‍රාර්ථනා කරනව.

advertistmentadvertistment
advertistmentadvertistment