සම්පත් බැංකුව සිය වර්ධනීය ගමන්මෙඟහි අඛණ්ඩව ඉදිරියට

118

COVID 19 වසංගතය තුලින් පැන නැගුණු දීර්ඝ කාලීන අභියෝගයන් හමුවේ වුවද සම්පත් බැංකුව 2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස 09 සඳහා ඉහළ කාර්යසාධනයක් වාර්තා කරන ලදී.

නව උපායමාර්ගික හඳුන්වාදීම් සහ ඉලක්ක පදනම් කර ගත් ව්‍යාපාර සැලසුම් වල ප‍්‍රතිඵලයක් වශයෙන් සම්පත් බැංකුවට, වසංගතය හේතුවෙන් නිරත්තර වෙනස්වීමට ලක්වන ආර්ථික තත්වයන් සඳහා සාර්ථකව මුහුණ දීමට හැකි වූ අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව බදු පසු ලාභයෙහි 76.4% ක සැලකිය යුතු වර්ධනයක් සඳහා හේතු විය.

2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස 09 සඳහා සම්පත් සමුහය විසින් වාර්තා කරන ලද මුල්‍ය ප‍්‍රතිඵල – 2020 වර්ෂයේ අනුරූප කාලපරිච්ෙඡ්දයට සාපේක්ෂව 76.4% ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් සම්පත් බැංකුව විසින් සමාලෝචිත කාලපරිච්ෙඡ්දය තුළ බදු පසු ලාභය (PAT) රුපියල් බිලියන 8.98 ක් සහ බදු පෙර ලාභය (PBT) රුපියල් බිලියන 12.32 ක් ලෙස වාර්තා කරන ලදී.

බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය (NIM) 2020 වර්ෂයේ වාර්තා කරන ලද අගයට වඩා පදනම් ලකුණු 16 ක වර්ධනයක් සහිතව 3.46% ක් ලෙස මෙම කාලපරිච්ෙඡ්දය තුල වාර්තා කරන ලදී.

බැංකුව විසින් කාලපරිච්ෙඡ්දය තුල ගාස්තු හා කොමිස් ආදායමෙහි 30.9% ක වර්ධනයක් වාර්තා කරන ලද අතර, එය මුලිකවම කාඞ්පත්, විද්‍යුත් මාර්ග සහ වෙළෙඳ කටයුතුවලින් ලද මෙහෙයුම් ආදායම් වලින් සමන්විත වේ.

අක‍්‍රීය ණය සහ අදියර 3 යටතේ ණය අත්තිකාරම්හි යම් පහතයාමක් සිදු වුවද, කළමනාකාරිත්වය විසින් ගන්නා ලද ආරක්ෂිත ක‍්‍රියාමාර්ගයක් ලෙස COVID 19 වසංගතය තුලින් පැන නඟින අවිනිශ්චිතතාවන් තුලින් ඉදිරියේදී ඇති විය හැකි ණය අලාභ සැලකිල්ලට ගනිමින් අතිරේක අපහායන වෙන්කිරීමක් සිදුකරන ලදී. සම්පත් සමුහය විසින් ද පවත්නා මුල්‍ය වර්ෂයේ පළමු මාස 09 තුලදී සමුහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙලින් 84.6% ක සහ 87.9% සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරන ලදී. සමුහය විසින් පෙර වර්ෂයේ අනුරූපී කාලපරිච්ෙඡ්දයේ වාර්තා කරන ලද බදු පෙර ලාභය (PBT) රුපියල් බිලියන 7.30 සහ බදු පසු ලාභය (PAT) රුපියල් බිලියන 5.21 ට සාපේක්ෂව සමාලෝචිත කාලපරිච්ෙඡ්දය තුලදී බදු පෙර ලාභය රුපියල් බිලියන 13.48 ක් සහ බදු පසු ලාභය රුපියල් බිලියන 9.79 ක් ලෙස වාර්තා කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment