මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් ජය ශ්‍රී මහා බෝ උඩමළුවට

141

අනුරාධපුර ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනා උඩ මළුව පුණ්‍ය භුමිය තුළ සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් (Cash Recycle Machine) පසුගියදා විවෘත කෙරිණි.

මෙම CRM යන්ත්‍රය තුළින් මුදල් තැන්පත් කිරීමට, මුදල් ආපසු ගැනීමට මෙන්ම බිල්පත් ගෙවීමට හැකියාව සැලසේ.

මේ අවස්ථාවට අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහා විහාර පිරිවෙන් කෘත්‍යාධිකාරි අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්, ථුපාරාම විහාරාධිකාරි කහල්ලේ ඤානින්ද නා හිමියන්, මහජන බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකාර අසිත ධනවලවිතාන, උඩමලුව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.බි වෑත්තෑව, මහජන බැංකුවේ සහකාර ප්‍රාදේශීය කළමනාකාර ඩී.එස්.පි. ජයසිංහ, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනියන් වන අයි.එස්. කිරින්දේගෙදර, එස්.පී.කේ. ඒකනායක, අනුරාධපුර ශාඛා කළමනාකාර ඊ.ඒ.සි. එදිරිසිංහ සහ හිටපු අනුරාධපුර ශාඛා කළමනාකාර ඊ.ඒ.එම්. තිස්ස කුමාර යන මහත්ම මහත්මින් ඇතුළු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවෝ විශාල පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment