යාපනය ශික්ෂණ රෝහලේ නව පිටුවක් පෙරලූ තංගරාජා බි‍්‍රන්ජන් – ප‍්‍රථම වකුගඩු බද්ධය සාර්ථකයි – රෝහලේ අධ්‍යක්ෂ ශ‍්‍රී බවානන්දරාජා

232

යාපනය ශික්ෂණ රෝහලේ දී සිදුකරන ලද ප‍්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම ඉතාම සාර්ථක වූ බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ශ‍්‍රී බවානන්දරාජා මහතා පැවසීය.

යාපනය ශික්ෂණ රෝහලේ පැවති මාධ්‍ය හමුවක දී රෝහල් අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කළේ කොරෝනා වසංගතය මැද යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දැඩි කාර්ය බහුලත්වයකින් සිටින අතරතුර සිදුකරන ලද මෙම ශල්‍යකර්මය සාර්ථක වීම යාපනය ශික්ෂණ රෝහලේ අවයව බද්ධයන් සිදුකිරීම සම්බන්ධයෙන් අනාගතය නව මානයකට යොමුවන බවයි.

හදිසි අනතුරකින් යාපනයේදී මියගිය තංගරාජා බි‍්‍රන්ජන් නැමති තරුණයාගේ වකුගඩු යුගලය ඔහුගේ පවුලේ ඥාතීන් විසින් යාපනය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කළ බවත් ඉන් එක්

වකුගඩුවක් යාපනයේ දරුණු වකුගඩු රෝගියකුට බද්ධ කළ බවත් යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියහ.

යාපනය ශික්ෂණ රෝහලේදී වකුගඩු සැත්කමක් පළමු වතාවට සිදු කෙරුණු බැවින් ඒ සඳහා මහනුවර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ සහය ලබාගෙන ඇති අතර එම වෛද්‍යවරයාට හා වකුගඩු යුගලය පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කළ තරුණයාගේ ඥාතීන්ට ස්තුති කිරීමද මෙම මාධ්‍ය සාකච්ඡුාවේදී සිදුවිණි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment