රෝහල්වලදී වන මරණ සැකයි කියා දිගට හරහට පැමිණිලි

128

එන්නත් විෂ වීමෙන් ඇති වූ මරණ පිළිබඳව තොරතුරු සමාජගත වීමත් සමග දිවයිනේ සෑම පළාතකම පාහේ රෝහල්වලදී මියගිය පුද්ගලයන් අතරින් බහුතරයකගේ මරණ සැක සහිත බව දන්වමින් හදිසි මරණ පරීක්ෂකවරුන් වෙත පැමිණිලි ගලා එන බව හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඊයේ පේරාදෙණිය රෝහලේ පැවැති මාධ්‍ය හමුවේදී හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් සහ එහි ලේකම් නීතිඥ මොහොමඩ් ෆර්හාන් ඒ බව කියා සිටියේය.

මෙම තත්ත්වය මත නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳ ජනතාව අතර දැඩි පිළිකුල්භාවයක් සහ විශ්වාසය බිඳ වැටීමක් ද වන බව කී එම සංගමය එහි ඒ මරණවලට සම්බන්ධ පැහැදිලි නිගමනයන් එනතෙක් නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳ වැරදි ආකල්ප ඇතිකර නොගන්නා ලෙසද ඉල්ලා සිටියේය. තමන්ගේ සමීපතයකුගේ මරණයක් සම්බන්ධයෙන් සැකයක් ඇත්නම් ඒ පිළිබඳව හදිසි මරණ පරීක්ෂක වෙත පැමිණිලි කිරීමට ඉඩ ඇති බවත් ඒ සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තෙක් නිරවුල් මනසින් කටයුතු කරන ලෙසත් එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment