කොවිඩ් මරණ වැඩි ප‍්‍රමාණයකට හේතුව ලේ කැටි ගැසි පෙනහළුවල සිරවීම – විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා

211

* ආසාදිතයෝ 9606 ක් නිවාසගතව ප‍්‍රතිකාර ලබති

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන් අතරින් සියයට තිහක පිරිසක් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මරණයට පත්වන අතර තවත් සැලකිය යුතු ප‍්‍රතිශතයක් ලේ කැටි ගැසීම හේතුවෙන් මරණයට පත්වන බවට අනාවරණය වී තිබේ.

කොවිඩ් මරණ වැඩි ප‍්‍රමාණයකට හේතුව ලේ කැටි ගැසි පෙනහළුවල සිරවීම - විශේෂඥ අධිකරණ  වෛද්‍ය චන්න පෙරේරා

ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ ප‍්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා විසින් කොරෝනා ආසාදිත මරණ සියයක පමණ පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු කර මේ බව හෙළි කරගෙන ඇත.

ලේ කැටි ගැසී පෙනහළුවල ඒවා සිරවීමෙන් ඇතැම් මරණ සිදු වී ඇති බව මෙහිදී හෙළි වූ බව චන්න පෙරේරා මහතා ස`දහන් කරයි. කොරෝනා නිව්මෝනියා තත්ත්වයට පත්වීමට පෙර මුලින්ම වෛරසයෙන් පෙනහළුවල ගර්ත බිත්තිවලට හානි සිදුවී වෛරසය ගර්තවලට ඇතුළුවීමක් සිදුවන බවද මෙහිදී අනාවරණය වී තිබේ.

රට තුළ කි‍්‍රයාත්මක කොරෝනා ආසාදිතයන්ට නිවාසගතව ප‍්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළට අනුව මේවන විට ආසාදිතයන් 9606 දෙනකු නිවාසගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික සේවා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය ස`දහන් කළාය.

මේ අතරින් ආසාදිතයන් 3162 ක් කොළඹ දිස්ති‍්‍රක්කයේත්, ගම්පහ දිස්ති‍්‍රක්කයේ ආසාදියන් 1883 ක් හා කළුතර දිස්ති‍්‍රක්කයේ ආසාදිතයන් 1712 ක් නිවාසගත ප‍්‍රතිකාර ස`දහා යොමු කර තිබෙන බවද ඇය ස`දහන් කළාය.

මේ දක්වා කොරෝනා ආසාදනය වූ රෝගීන් 26173 දෙනකු නිවාසගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබා සිටින බවද ඇය පැවසුවාය.

මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලෙස ආසාදිතයන් 4304 දෙනකු පෙරේදා (22 වැනිදා) හ`දුනාගෙන තිබුණු අතර, වසංගත රෝග විද්‍යා ඒකකය මගින් පසුව එකතු කළ දත්ත අගයන් සම`ග ඉකුත් 19 වැනිදා 5000 ඉක්ම වූ ආසාදිතයන් පිරිසක් මෙරටින් හ`දුනාගෙන තිබෙන බවක් අනාවරණය විය.

මේ අතර කොරෝනා ආසාදනය වූ තවත් ආසාදිතයන් 3222 දෙනකු අලූතින් හ`දුනාගත් බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ඊයේ පස්වරු 6.20 ට පමණ ස`දහන් කළේය.

එසේම 180 ඉක්මවූ කොරෝනා මරණ වාර්තා වීමක් මේ වන විට මෙරට තුළ සිදුවන බව පසුගිය දිනවල සිදුවූ කොරෝනා මරණ අනුව පෙනී යන අතර ඉකුත් 21 වැනිදා තවත් මරණ 183 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පෙරේදා නිවේදනය කරනු ලැබීය.

එම මරණ 183 ත් සම`ග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7366 දක්වා ඉහළ ගොස් තිබිණි. ඊයේ පස්වරුවේ වාර්තා වූ නව ආසාදිතයන් 3222 ත් සම`ග මෙරටින් හ`දුනාගත් සමස්ත ආසාදිතයන් ගණනද 393,222 දක්වා ඉහළ ගියේය.

එසේම කොරෝනා වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් 2222 දෙනකු ඊයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබුණු අතර ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු මේ දක්වා පූර්ණ සුවය ලද පිරිසද 344381 ක් බවට පත්විය.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ අයකු පිළිබ`ද අංක 247 අමතා කරුණු ස`දහන් කිරීමෙන් පසු විනාඩි 2-4 කාලයක් තුළ ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමයේ ස්වෙච්ඡුා වෛද්‍යවරයකු සම්බන්ධ කර ගැනීමට මේ වන විට මෙරට ජනතාවට අවස්ථාව තිබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික කරුණාරත්න මහතා ස`දහන් කළේය.

එසේ වෛද්‍යවරයකු සම්බන්ධ වීමෙන් පසු රෝගියාගේ තොරතුරු විමසා අදාළ රෝගියා නිවසේ තබා ප‍්‍රතිකාර කිරීමට සුදුසුද නැතහොත් රෝහල්ගත කළ යුතුද යන්න වෛද්‍යවරයා විසින් තීරණය කරන අතර රෝහල්ගත කළ යුතු අයකු නම් කඩිනමින් සුවසැරිය ගිලන්රථ සේවය මගින් රෝහල්ගත කිරීම සිදුකෙරෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ආසාදිත රෝගියා ඒ මොහොතේ රෝහල්ගත කිරීමට අවශ්‍ය නොවේ නම් ඔහුට නිසි වෛද්‍ය උපදෙස් ලබා දීමක් සිදු කෙරෙන අතර මේ වන විට මේ සියල්ල ජාලගත සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයිද මහාචාර්යවරයා පැවසීය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment