රට ගොඩනැගීමට එක් වන්නැයි තලිබාන් සංවිධානය ඇෆ්ගන් ජාතිකයන්ගෙන් ඉල්ලයි

170

විදෙස් රටවලට නොයා සිය රට නැවත ගොඩ නැගීමට කටයුතු කරන්නැයි තලිබාන් සංවිධානය රටින් පිටවීමට අදහස් කර ඇති ඇෆ්ගන් ජාතිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. විදෙස් ගමන් බලපත‍්‍රයක් තිබෙන ඕනෑම අයෙකුට ගුවන් මගින් වෙනත් රටකට යා හැකි අතර එවැනි පිරිස් රටින් පිටවීම වැළැක්වීමට කටයුතු නොකරන බව එම සංවිධානය පවසා තිබේ. මේ අතර ඇෆ්ගනිස්ථානයේ සිටින විදෙස් හමුදාවන්ට රටින් පිටවීම සඳහා ලබා දී ඇති අවසන් දිනය වන අගෝස්තු 31 වැනිදා තවත් දීර්ඝ නොකරන බව තලිබාන් සංවිධානය පවසයි.

 තලිබාන් පාලනය නිසා අරාජික තත්ත්වයට පත්ව ඇති ඇෆ්ගනිස්තානයේ සිර වී සිටි ඉන්දීය ජාතිකයන් 146 දෙනකු ඊයේ (23දා) සිය රටට ගෙන්වා ගැනීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම පිරිස කටාරයේ දෝහා නගරය හරහා ගුවන් යානා තුනක් මගින් ඊයේ දිල්ලි නගරයට පැමිණියහ. මෙම පිරිසත් සමග මේ වන විට ඉන්දියාව ගෙන්වාගෙන ඇති ඇෆ්ගනිස්තානයේ සිර වී සිටි ඉන්දීය ජාතිකයන්ගේ සංඛ්‍යාව 400කට ආසන්න වේ.

advertistmentadvertistment
advertistmentadvertistment