කේක් අලෙවිය 50% කින් බැහැලා

379

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති

රටේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය අනුව මෙදා නත්තල් සමයේ කේක් අලෙවිය සියයට පනහකින් අඩු වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

වෙනදාට කේක් කිලෝ එකක කේක් ගෙඩියක් ගන්නා පුද්ගලයා මෙවර මිලදී ගන්නා ප්‍රමාණය ග්‍රෑම් දෙසියපනහ දක්වා සීමා කර ඇති බව හෙතෙම කීවේය.

මේ අතර පසුගිය කොරෝනා වසංගතයේ සිට පැවැත්වෙන නත්තල් උත්සවවලදී කිතුනු නිවෙස් බොහෝමයක සාදනු ලබන නත්තල් කේක් පවා මෙදා නත්තලේදීත් නතර කර ඇති බව කතෝලික සභා ආරංචි මාර්ග කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment