පූර්ණ තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට

119

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තෙවැනි එක්දින තරගය

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැත්වේ.

දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් ද ඇෆ්ගනිස්තාන කණ්ඩායම හෂ්මතුල්ලා ශහිඩි විසින් ද මෙහෙයවනු ලබයි.

තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකම ජයග්‍රහණය කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මනා විශ්වාසයකින් යුතුව අද තරගයට මුහුණ දෙනු ඇත.

එසේම ශ්‍රී ලංකාවට අද තරගය ජයග්‍රහණය කිරීම ඉදිරි පන්දු වාර විස්සයි විස්ස තරගාවලියට ද යහපත් ප්‍රවේශයක් වනු ඇත.

කෙසේ වෙතත් පූර්ණ තරගාවලි පරාජයක් කිසිසේත් අපේක්ෂා නොකරන ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට අද තියුණු පීඩනයක් එල්ල වනු නොඅනුමානය.

පූර්ණ තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට

අද තරගය පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සඳහන් කළේ තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ තුන් ඉරියව් දස්කම් ගැන සතුටට පත්වන බවයි.

“ඔවුන් හොඳ ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. තුන් ඉරියව්වෙන්ම අපේ දක්ෂතා මෙසේ ඉහළට පැමිණීම ගැන සතුටුයි. විශේෂයෙන් පිතිකරුවන් හොඳින් ලකුණු අතරට පිවිසීම ධනාත්මක කරුණක්. ලකුණු 300ක් තරග දෙකේදීම අපි ඉක්මවා ගියා.”

දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 97ක් ලබමින් තරගයේ වීරයා බවට පත් වූ චරිත් අසලංක එම තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ කෙසේ හෝ තෙවැනි තරගය ද ජයග්‍රහණය කර 3-0 ක පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලැබීම තම කණ්ඩායමේ බලාපොරොත්තුව බවයි.

පූර්ණ තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට

ශ්‍රී ලංකා සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ෂෙවෝන් ඩැනියෙල්, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, දිල්ශාන් මධුෂංක, ප්‍රමෝද් මධුෂාන්

ඇෆ්ගනිස්තාන සංචිතය

හෂ්මතුල්ලා ෂාහිඩි (නායක) රහමට් ෂා, රහ්මානුල්ලා ගුර්බාස්, ඉක්‍රම් අලිඛිල්, ඉබ්‍රාහිම් සද්‍රාන්, රියාස් හසන්, අස්මතුල්ලා ඕමාර්සායි, මොහොමඩ් නබි, ගුල්බඩින් නයිබ්, කයිස් අහමඩ්, නූර් අහමඩ්, මුජීබ්‍රාහ්මාන්, ෆාරුකි, නවීඩ් සද්‍රාන්, ෆරීඩ් අහමඩ්

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment