රා එකතු කිරීමේ බලපත්‍රයෙන් ගජරාමෙට කසිප්පු පෙරලා – බඩුත් එක්ක 2 ක් දැලේ

75

රා එකතු කිරීමේ බලපත්‍රයක් යොදාගෙන වැලිපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් වටලා සැකකරුවන් දෙදෙනකු ඊයේ (16 දා) අත්අඩංගවට ගෙන ඇත.

රා එකතු කිරීමේ බලපත්‍රයක් හිමි පුද්ගලයා විසින් මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයේ නිපදවන මත්පැන් අලුත්ගම සහ බෙන්තර ඇතුළු ප්‍රදේශ රැසකට බෙදාහැර ඇතැයි ද හෙළිකරගෙන තිබේ.

කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නුවන් කෝරළගේ මහතාට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී සිමෙන්ති ගල්වලින් ඉදිකරන ලද බිත්තියකින් වටකරගෙන කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව හෙළිවී තිබේ. සිමෙන්ති ගල් බිත්තිය කඩා පරීක්‍ෂා කිරීමේදී නීති විරෝධී ගෝඩා ලීටර් 27,000 ක්, බැරල්, ජල මෝටර්, ඇමෝනියා සහ තවත් උපකරණ රැසක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අනවසර මත්පැන් සමාජගතවීම රටේ සුරාබදු ආදායමට ප්‍රබල ගැටලුවක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ද ප්‍රකාශ කර තිබුණි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment