රක්‍ෂණ වට්ටම බොරුවක්

139

විවිධ රක්ෂණාවරණ සඳහා වට්ටම් පිරිනමමින් ඇතැම් පුද්ගලයන් විසින් 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ විධිවිධාන උල්ලංඝනය වන පරිදි ගාස්තුවක් අය කරමින් පාස් කාඩ්පත්/කූපන් කාඩ්පත්/වට්ටම් කාඩ්පත් මහජනතාවට විකිණීමෙහි නිරතව සිටින බවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙහි අවධානයට ලක්වී ඇත.

එබැවින් එකී පාස් කාඩ්පත්/කූපන් කාඩ්පත්/වට්ටම් කාඩ්පත් මිලදී ගැනීමෙන් වළකින ලෙස රක්ෂණ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී. තවද, එවැනි පුද්ගලයන්ගේ තොරතුරු [email protected] මගින් රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත දැනුම් දෙන ලෙසද මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

රක්ෂණ ඔප්පු මිලදී ගත යුත්තේ ලියාපදිංචි රක්ෂණ සමාගම්වලින් හෝ ලියාපදිංචි රක්ෂණ තැරැව්කාර සමාගම්වලින් හෝ රක්ෂණ සමාගම්වල සහ /හෝ රක්ෂණ තැරැව්කාර සමාගම්වල බලයලත් රක්ෂණ නියෝජිතයන් හරහා පමණක් බවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මෙයින් අවධාරණය කරයි. ලියාපදිංචි රක්ෂණ සමාගම් සහ ලියාපදිංචි රක්ෂණ තැරැව්කාර සමාගම් ලැයිස්තුව රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙහි වෙබ් අඩවියෙන් ලබාගත හැක. www.ircsl.gov.lk

advertistmentadvertistment
advertistmentadvertistment