එල්පීඑල් 5 වැනි අදියර ජූලි 1 වැනිදා ඇරැඹේ

69

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි පළමු වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජූලි 01 වැනිදා සිට ජූලි 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එම තරගාවලිය සඳහා කණ්ඩායම් 5 ක් තරග වදී.

පස්වැනි වරට පැවැත්වෙන එම තරගාවලිය සඳහා තරග 24ක් ඇතුළත් අතර පළමු වටයේ තරග 20 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඒ අනුව පැවැත්වේ.

අවසන් වරට පැවැති තරගාවලියේ ශූරතාව වනිදු හසරංග ගේ නායකත්වයෙන් යුතු බී ලව් කැන්ඩි කණ්ඩායම දිනා ගත් අතර පළමු තරගාවලි ත්‍රිත්වයේ ශූරතාව දිනා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment