සහල්, පරිප්පු, මිරිස්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මිල බසී

571

පරිප්පු, සීනි, සහල්, සැමන්, බී ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක මිල සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇතැයි පිටකොටුව තොග වෙළෙඳුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (07 දා) පැවසීය.

ඒ අනුව රුපියල් 600 ට – 650 ට අලෙවි කළ පරිප්පු කිලෝව රුපියල් 420 හා 450 දක්වාත්, රුපියල් 360 ට, 380 ට අලෙවි කළ සීනි කිලෝව රුපියල් 260, 270 දක්වාත්, රුපියල් 2200 ට අලෙවි කළ වියළි මිරිස් කිලෝව රුපියල් 1300 දක්වාත්, රුපියල් 700 ට අලෙවි කළ සැමන් ටින් එකක් රුපියල් 600 ,650 දක්වාත්, රුපියල් 220 ට තිබුණු බී ලූනු කිලෝව රුපියල් 120 දක්වාත් මිල පහත බැස ඇතැයි ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද කියා සිටියේය.

මේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් හුඟක් අඩුවෙන්න ඉඩ තිබෙනවා. දැනටමත් මේවායේ මිල රුපියල් 200 කින් 400 කින් අඩුවෙලා. සහලුත් හුඟක් අඩුයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment