තාප්පය හිස මතට කඩාවැටී බරපතළ තුවාල ලැබූ සිඟිත්තා මරුට

127

මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ නිවසක පැරණි අබලන් තාප්පයක් කඩාවැටීම නිසා වයස අවුරුදු එකයි මාස නවයක කුඩා දරුවකු ඉකුත් 04 දා මියගොස් තිබේ.

මෙම දරුවා පියා සමග සෙල්ලම් කරමින් සිටියදී ළමයා කකුලක් තාප්පයේ තබා ඉහළට නැගීමට උත්සාහ කළ අවස්ථාවේදී තාප්පයේ කොටසක් ළමයාගේ

සිරුර හා හිස මතට ඇද වැටීමෙන් ඔහු මරණයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි එමානුවෙල් දර්ශන් සාධුසන් නමැති පිරිමි දරුවෙකි.

අසාධ්‍යව සිටි ළමයාව මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඔහුගේ

තත්ත්වය බරපතළ බැවින් යාපනය ශික්ෂණ රෝහල වෙත රෝගියා මාරු කොට තිබේ. ඔහු මියගොස් ඇත්තේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේය. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේම්කුමාර් මහතා හුස්ම හිරවීමෙන් හා ශරීරයේ අභ්‍යන්තර අවයවවලට හානි සිදුවීමෙන් මෙම මරණය සිදු වූ බවත් මෙය හදිසි අනතුරකින් සිදු වූ මරණයක් ලෙසත් වාර්තා කොට තිබේ. මුලතිව් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment