ලිංගික අතවර චෝදනාවට ට්‍රම්ප් වරදකරු වෙයි

571

ඩොලර් මිලියන 5ක් ගෙවන්න නියෝග

ඇඟලුම් වෙළෙඳසලක් තුළදී 1990 වර්ෂයේ දී මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවට අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී ඇත.

ජීන් කැරොල් නම් මාධ්‍යවේදිනිය විසින් ට්‍රම්ප්ට එරෙහිව මෑන්හැටන්හි අධිකරණයේ දී ගොනුකර තිබූ සිවිල් නඩුවකදී එහි ජූරි සභාව විසින් එම තීරණය ගෙන තිබේ.

ඇය චෝදනා කර ඇත්තේ එම ඇඟලුම් වෙළෙඳසලේ පැළඳුම් කාමරයක් තුළදී ට්‍රම්ප් ඇයට ලිංගික හිරිහැර සිදුකර ඇති බවය. ඒ අනුව අදාළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු කළ අදාළ ජූරි සභාව මාධ්‍යවේදිනියට අමෙරිකානු ඩොලර් මිලියන 05ක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඩොනල්ට් ට්‍රම්ප්ට නියෝග කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment