ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව තවත් පෙත්සම් පහක්

42

රජය විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට හා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා පාර්ශ්ව කිහිපයක් ඊයේ (23 දා) තවත් විශේෂ පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළහ.

නීතිඥ එකමුතුව වෙනුවෙන් නීතිඥ නෙළුම් දීපිකා උඩුගම, නීතිඥ කවීනා එරිකා ගුණරත්න එක් පෙත්සමක් ගොනු කළ අතර වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති මාධ්‍යවේදී දුමින්ද සම්පත් මහතා සහ පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව යන මහත්වරු තවත් පෙත්සම් දෙකක් ගොනු කළහ. මේ අතර පීප්ලස් ටුමෝරෝ සංවිධානය වෙනුවෙන් එහි කැඳවුම්කරු නීතිඥ මනෝජ් නානායක්කාර, බිබිලාදෙණියේ මහානාම හිමියන් හා ප්‍රැටික් සුජීව පෙරේරා පියතුමා එක් පෙත්සමකුත් සත්‍ය හා යුක්තිය සඳහා වූ නීතිඥ සංවිධානයේ සභාපති නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා සහ එහි ලේකම් ලිහිණි ප්‍රනාන්දු මහත්මිය හා නිහාල් වීරසිංහ යන තිදෙනා තවත් පෙත්සමකුත් ගොනු කළහ. මේ වනවිට එම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 18 ක් අධිකරණය හමුවට ගොනුකර ඇත.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment