94 වියැති ලීලාවතී මාතාව ත‍්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්‍ෂණ ව්භාගයෙන් ඉහළින්ම සමත් වෙයි

286

ත‍්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිටි 94 හැවිරිදි සිව්දරු මවක් ඉන් ඉහළින්ම සමත්ව තිබේ.

මෙම ප‍්‍රතිඵලයත් සමඟ එවැනි වයසකදී එම විභාග සමත්වූ මෙරට එකම පුද්ගලයා ලෙස ඇය ඉතිහාසයට එක්ව තිබේ.

ශ‍්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මගින් විදේ‍යා්දය විශ්ව විද්‍යාල විභාග අංශයට අනුබද්ධව පවත්වනු ලැබූ මෙම විභාගයෙන් සමත් ව ඇත්තේ විතානගේ ඇස්ලින් ලීලාවතී ධර්මරත්න නමැත්තියකි.

පසුගිය පෙබරවාරී මස 06 දින මහනුවර ඞී.එස් සේනානායක විද්‍යාලයේදී අදාළ විභාගයට පෙනී සිටි අතර ප‍්‍රථම, මධ්‍යම හා අවසාන යන විභාගවලින් ඇයට ගෞරව සාමාර්ථ හිමිව ඇත.

ශාස්ත‍්‍රපති උපාධිය සඳහා තමන් මේ වන විට සූදානම් වන බව ලීලාවතී මහත්මිය පවසයි.

දියණියන් සිව් දෙනෙකුගේ මවක වන ලීලාවත් මාතාව දරුවන්ගේ දරුවන්ද දකින්ට තරම් වාසනාවන්ත වූ තැනැත්තියකි. අනු හතර වැනි වියට එළඹ තිබුණද ඇය විභාග ප‍්‍රශ්න පත‍්‍රවලට පිළිතුරු සපයනු ලැබුවේ උපැස් යුවළක් හෝ නොපැළඳය.

විවාහ වී හත් වසකට පසු සැමියා මරණයට පත් වුවත් දිරියෙන් ජීවිතයට මුහුණ දී තම දියණියන් සිව් දෙනාම උපාධිධාරීන් වන තෙක් අධ්‍යාපනය ලබා දෙන්නට ඇය සමත්විය. ලීලාවතී මහත්මියගේ එකම අරමුණ මිය යන්නට පෙර ශාස්ත‍්‍රපති උපාධිය සමත් වීමයි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment