මාධ්‍ය මර්දනයට එරෙහිව විපක්‍ෂය සටන් කරනවා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

148

මාධ්‍ය මර්දනයට සැරසෙන කිසිවකුට ඊට ඉඩ නොදෙන බවත්, එවැන්නක් කිරීමට සැරසෙන බලවේගවලට එරෙහිව සමඟි ජනබලවේගය ප‍්‍රමුඛ විපක්ෂය අරගල කරන බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ මෙරට මුහුදේදී ගිනිගෙන දැවුණු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව අධිකරණය අමාත්‍යාංශයේ පැවැති සමාලෝචන රැුස්වීමට ඊයේ (12දා) සහභාගි වීමෙන් අනතුරුවය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විවාදයක් අතරතුර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙම සාකච්ඡුාවට සහභාගි වන ලෙස විපක්ෂ නායකවරයාට ආරාධනා කළ අතර ඒ අනුව විපක්ෂ නායකවරයා මීට එක්විය.

මාධ්‍ය මර්දනය සඳහා ආණ්ඩුව කටයුතු කරන බවට පැතිර යන ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නීතිඥයින් පිරිසක් රැුගෙන විත් සාකච්ඡුාවක් පැවැත්වූ බව පිළිගෙන ඇති බවයි. ජනතාවගේ දුක රටට කියන මාධ්‍ය මර්දනය කිරීමට කිසිදු අයිතියක් නැති බවත් කිසිම මාධ්‍යයකට වැට කඩොලූ බැඳීමට නොහැකි අතර, බලය ගන්නා තුරු මාධ්‍ය ගැන තිබෙන ආදරය බලය ලබාගත් පසුවත් තිබිය යුතු බවත් ඒ මහතා පැවසීය.

ශීලාචාර ශිෂ්ටසම්පන්න රටක හෝ ලෝකයක මාධ්‍ය මර්දනය යථාර්ථයක් නොවන බව පැවසූ හෙතෙම මාධ්‍යට තිබිය යුත්තේ මාධ්‍ය විසින්ම පනවාගත් ස්වයං වාරණයක් පමණක් බව ද කීය.

අධ්‍යාපන වෘත්තීය සමිති සහ අධ්‍යාපනවේදීන් විසින් ඉදිරිපත් කළ අරගලවලදී ආණ්ඩුව හැසිරුණ ආකාරය අතිශයින්ම පිළිකුල් සහගත බවද විපක්ෂ නායක පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment