දඹුල්ලට එරෙහිව ගාල්ලෙන් ප්‍රබල පිළිතුරක්

282

ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සහ ගාල්ල අතර තරගයේ ඊයේ (20 වැනිදා) පළමු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායමෙන් දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 339 වාර්තා විණි.

මේ අනුව දඹුල්ල කණ්ඩායමට වඩා ගාල්ල කණ්ඩායම ලකුණු 184 ක් ඉදිරියෙන් සිටීමට සමත් වූයේය.

දඹුල්ල කණ්ඩායමේ සියලු පිතිකරුවන් පෙරේදා ලකුණු 155කට දැවී ගිය අතර ගාල්ල කණ්ඩායම පෙරේදා දිනය නිමා වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 90ක් රැස් කර ගෙන සිටියේය. ඊයේ දිනයේ ගාල්ල කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 82ක් ලබා ගත්තේය. මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් වූ අතර පන්දු 144ක් ඒ සඳහා ඔහු කඩුල්ලේ රැඳී සිටියේය. නායක රමේෂ් මෙන්ඩිස් සහ කවිශ්ක අංජුල ද ගාල්ල වෙනුවෙන් අර්ධ ශතක දෙකක් ලබා ගත් හ. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්හ. චලන ද සිල්වා කඩුලු 2ක් සහ ලක්ෂාන් සඳකැන් සහ නිමේශ් ගුණසිංහ එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment