දූෂණ විරෝධී පනත ගැන අමැති විජයදාස පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව

244


පනතක් බලාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ දී සම්මතවූ විට දී පමණක් බව සියලුම මන්ත්‍රීවරුන් අවබෝධකරගත යුතු බවත් ඒ සඳහා විශේෂඳ දැනුමක් අවශ්‍ය නැති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදි පැවසීය. එනිසා සම්මත නොවූ ලේඛණයක් ගැන මාධ්‍ය ඉදිරියේ රටට අසත්‍ය පැවසීමෙන් වලකින ලෙස ඉල්ලා සිටියේය.හෙතෙම මේ බව පැවසූවේ අද පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ලබන දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයට එක් වෙමිණි.පනතක් සකස් කරන්නේ අනාගතය ගැන සලකා බලා බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සකස් කරන විට සඳහන් කරන්නේ පනත් කෙටුම්පත ලෙස කියා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.එය දඩමීමා කරගෙන සම්මත නොවූ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් රටට අසත්‍ය ප්‍රකාශ නොකරන ලෙසද ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment