කොදෙව් දැවැන්තයෝ ලෝක කුසලාන තරගාවලියෙන් හැලෙති

474

1975 වසරේ පැවැති මංගල එක් දින ලෝක කුසලාන තරගාවලිය සහ ඉන් අනතුරුව 1979 වසරේ පැවති දෙවෙනි ලෝක කුසලාන තරගාවලියේ ද ශූරයන් බවට පත්වෙමින් ක්‍රිකට් ලෝක පිටියේ තම ආධිපත්‍ය පැතිරවූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සහභාගිත්වය අහිමි වී ගොස් ඇත.

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම නිමිත්තෙන් සිම්බාබ්වේහි දී පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී අපේක්ෂිත දස්කම් අතරට පත් වීමට නොහැකි වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙම ඉරණම අත් විය.

ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් පෙරේදා දිනයේදී අනිවාර්යයෙන් ජය ගත යුතුව තිබූ ස්කොට්ලන්තය ට එරෙහි තරගයේදී කඩුලු 7 ක පරාජයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි විය.

සුපිරි 6 වටයේ ඔවුන් කණ්ඩායම් 6 ක් අතරින් පස්වන ස්ථානයේ රැඳී සිටින අතර එකදු ප්‍රසාද ලකුණක්වත් ඔවුන් ඉදිරියෙහි සටහන් වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment