* පෙරඹර – බෝ නොවන රෝග, වයස්ගත වීම හා ශ‍්‍රී ලාංකීය සෞඛ්‍යය

1084

පසුගිය වසර දෙකක කාලය තුළ මුළු රටම කොවිඞ් 19 සමග සටන් වැදුණු අතර අද වන විටත් කොවිඞ් ප‍්‍රභේද සම්බන්ධව හා ඉන් ගැළවී ජීවත් වන අයුරු පිළිබඳ උනන්දුවක් දක්වයි. එමෙන්ම එම ව්‍යසනකාරී තත්ත්වය කළමනාකරණය කිරීමේදී මුළු රටම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් තබා ගැනීමට හැකි විය. එය සෞඛ්‍ය අංශ ලද ජයග‍්‍රහණයකි. මේ ආකාරයටම ඩෙංගු රෝගය සම්බන්ධවද යම් අවධානයක් රට තුළ යොමු වී ඇත. ඊට හේතුව මෙම රෝග නිසාම තමන්ගේ සමීපතමයන් මියයන අයුරු අත්දැක තිබුණු බැවිණි.

 එය බෝ වන රෝග සම්බන්ධයෙන් සාමාන්‍ය තත්ත්වය වන අතර එම ලක්ෂණයම එම රෝග පාලනය කිරීමේදී ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය අවධානය ලබා ගැනීමට භාවිතා කළ හැක. නමුත් බෝ නොවන රෝග සම්බන්ධ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්ය. ඊට හේතුව නම් මෙම බෝ නොවන රෝග දිගුකාලීනව පවත්නා, ඉතා සෙමින් වර්ධනය වන්නා වූ, කෙනකුගෙන් තවත් කෙනකුට බෝ නොවන රෝග නිසාවෙනි. එබැවින් එම රෝග නොසෑදුණු අය රෝගය සෑදීමෙන් වළකා ගැනීම තබා රෝගය සෑදුණු අය සංකූලතාවයන්ට පත් වී මරණය දක්වා යෑම වළක්වා ගැනීම පවා අපහසුය. ඊට අවශ්‍ය කරන අවධානය හා පරීක්ෂාකාරී බව පහළ මට්ටමක පැවතීමයි. ප‍්‍රධාන වශයෙන්ම බෝ නොවන රෝග ලෙස හදවත් රෝග, ආඝාතය, පිළිකා, දියවැඩියාව, දිගුකාලීන ස්වසන පද්ධති රෝග හා වකුගඩු රෝග අයත් වේ.

 බෝ නොවන රෝග සම්බන්ධ ගෝලීය තත්ත්වයන් සැලකීමේදී ලෝකය පුරා සිටින ජනතාවගෙන් මිලියන 41 ක් පමණ වාර්ෂිකව මරණ සිදුවන්නේ මෙම බෝ නොවන රෝග නිසාවෙනි. එය සමස්ත ගෝලීය වාර්ෂික මරණ වලින් 71% ක් පමණ ප‍්‍රමාණයකි. වාර්ෂික මරණ වලින් 25% ක් (මිලියන 15 ක් පමණ) වයස අවුරුදු 30 – 69 ත් අතර අකල් මරණ, බෝ නොවන රෝග නිසා සිදු වේ. බෝ නොවන රෝග නිසා ලෝකය පුරා සිදුවන සියලූම මරණ වලින් 77% ක් පමණ (මිලියන 31 ක් පමණ* හා අකල් මරණ වලින් 85% ක් (මිලියන 12 ක්* පමණ සිදු වන්නේ අඩු ආදායම් හෝ මධ්‍යම අදායම් සහිත රටවල වීම සැලකිය යුතු කාරණයකි. එනම් රටක ආර්ථික සංවර්ධනය හා දරිද්‍රතාවය, බෝ නොවන රෝග පැතිරීම හා ඍජු සම්බන්ධතාවයක් පෙන්නුම් කරන බැවිනි.

 බෝ නොවන රෝග සම්බන්ධ කාරණාවේදී ගෝලීයකරණය (Globalization), වයසට යෑමේ ප‍්‍රවණතාවය (Aging), දරිද්‍රතාවය (Poverty), කාලගුණික විපර්යාසය
 (Climate changes), නාගරීකරණය (Urbanization), පරිසර දූෂණය (Environmental pollution), ජානමය හේතු (Genetic causes), යන සාධක මේ හා බලපාන ප‍්‍රධාන කාරණා කිහිපයකි. මෙහිදී වැදගත්වන්නේ බෝ නොවන රෝග වළක්වා ගැනීමේදී වැදගත් වන ඒවා ඇති වීමට බලපාන ප‍්‍රධාන කාරණා කිහිපයකි. එනම්, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාව, නිද්‍රාශීලී ජීවන රටාව, දුම්කොළ හා මත් පැන් භාවිතය මෙන්ම වායුගෝලීය ¥ෂණය බලපා ඇත. මෙම සාධක සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමත්, අවශ්‍ය කරන ප‍්‍රතිපත්තිමය තීරණ සඳහා දේශපාලන කැපවීමත්, නීති පද්ධතිය ශක්තිමත් කිරීමත් මෙන්ම සෞඛ්‍ය සේවා කණ්ඩායමක් ලෙස ශක්තිමත් කිරීමත් අත්‍යවශ්‍ය වනු ඇත.

 ශ‍්‍රී ලංකාව හා බෝ නොවන රෝග සම්බන්ධ කාරණයේදී බෝ නොවන රෝග හා වයස්ගත වීම (Ageing) තදින් බැඳී පවතී. එනම්, ශ‍්‍රී ලංකාව මේ වන විට වයස්ගත ජනගහනය වැඩිවන ප‍්‍ර‍්‍රවණතාවයක් (Demographic transition) දක්වන ප‍්‍රධාන රටවලින් එකක් ලෙස හ`දුනාගත හැකිය. ඒ අනුව වැඩිවන වයස් ගත ජනගහනය පවතින තත්ත්වයන් යටතේ බෝ නොවන රෝග වැඩිවීම සඳහාද ප‍්‍රභල ලෙස බලපෑම් එල්ල කරමින් පවතී. රටක් ලෙස බෝ වන රෝගවලට වඩා බෝ නොවන රෝගවල තර්ජනය ප‍්‍රභල වී ඇත. (epidemiological transition)

 මේ වන විට පෙන්වාදී ඇති පරිදි ඉදිරි වසර 30 ක කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ අවුරුදු 60 ට වැඩි ජනගහනය දෙගුණයක් වීමේ (සමස්ත ජනගහනය 24% ක්* හැකියාවන් පවතී. මෙම වෙනස් වීම් හරහා රටේ ආර්ථිකමය, සාමාජීයමය, ප‍්‍රජා සෞඛ්‍යමය සහ මහජන ප‍්‍රතිපත්ති පිළිබඳ ඇති වන අභියෝගයන් ප‍්‍රධාන ලෙසම බෝ නොවන රෝග ගැටලූව සමග ඍජුව බැඳී පවතී. එනම් පෙන්වා ඇති දත්ත අනුව ශ‍්‍රී ලාංකීය ජනතාවගේ උපතේදී ආයු කාලය(Life expectancy at birth)  හා උපතේදී නිරෝගිමත් ආයු කාලය (Healthy life expectancy at birth)  අතර වසර 7 ක පමණ පරතරයක් පවතී. සාමාන්‍යයෙන් සංවර්ධිත රටවල එම අගයන් 2 ක අතර පරතරය ඉතා අවම මට්ටමක පවතී. ඉන් පැහැදිලි වන්නේ ශ‍්‍රී ලාංකිකයන් ලෙස අපගේ ආයු අපේක්ෂාව වැඩි වුවද එම ආයු කාලය නිරෝගීව ගත කිරීමේ හැකියාවේ යම් පසුබෑමක් ඇති බවයි. එනම්, බෝ නොවන රෝගවලින් දුක් විඳිමින් දිගු කාලයක් ජීවත් වීමේ අභාග්‍යයට අප මුහුණ දෙමින් සිටිනා බවයි.

 වැරදි ආහාර රටාව, ව්‍යායාම් වලින් තොර බව, පරිසර ¥ෂණය, දුම්වැටි හා මත්පැන් සිදු කරන බලපෑම නිසා රුධිර පීඩනය, රුධිර සීනි මට්ටම හා රුධිර මේද මට්ටම ඉහළ යෑමත්, ස්ථුලතාවයත් අප බෝ නොවන රෝග කරා ළං කරවීම පහසු කර ඇත. එමගින් එක් එක් පුද්ගලයන් ලෙස ඇති වන බලපෑම මෙන්ම රටක් ලෙස ඇති වන බලපෑමද ඇති විශාලය. එබැවින් බෝ නොවන රෝග වළක්වා ගැනීමට නිවැරදි ආහාර රටාවකට යොමු වීමත් ක‍්‍රියාශීලී ජීවන රටාවක් සමග මත් පැන් හා දුම්වැටි වලින් ඈත් වීමත් අත්‍යවශ්‍ය වනු ඇත. එමෙන්ම පරිසර ¥ෂණය අවම කරවා ගැනීමට ඍජු දායකත්වයක් ලබා දිය යුතු අතර අවශ්‍ය අවස්ථා වලදී පරිසර ¥ෂණයට එරෙහිව සිය හ`ඩ අවදි කළ යුතුව ඇත. බෝ නොවන රෝග වැළැක්වීමේදී හා ප‍්‍රතිකාර කිරීමේදී ප‍්‍රධාන අභියෝග ගණනාවක් ඇත. එනම් මෙම බෝ නොවන රෝග වර්ග විශාල පරාසයක (හෘදය, රුධිර නාල, ස්නායු, වකුගඩු, පෙනහළු, හන්දි….. * විසිර පවතී. එමෙන්ම ජනතාවගේ ජීවන චක‍්‍රය පුරාම මෙම බෝ නොවන රෝග සඳහා වන අවදානම් තත්ත්වයන්ට නිරාවරණය වීම වැළැක්විය යුතු වුවද සෞඛ්‍ය අංශ වලට ඒ සඳහා ඇති වපසරිය ඉතා සීමා සහිතය. එමෙන්ම මෙම නිවාරණ උපක‍්‍රමයක් බොහෝ අවස්ථාවලදී ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් වන වාණිජ ප‍්‍රතිවිරුද්ධවාදීන්ගේ තර්ජනයට ලක් වේ. එනම් බෝ නොවන රෝග වැළැක්වීමේ ප‍්‍රතිපත්ති නීතිගත කිරීමේ හා ක‍්‍රියාත්මක කිරීමේදී මෙම වාණිජ තර්ජනයන්ට එරෙහිව පෙනී සිටිය හැකි දේශපාලනික කැපකිරීමක් අත්‍යවශ්‍ය වන අතර නීති සහය හා සෞඛ්‍ය සේවයේ සියලූම කාණ්ඩවල එකමුතුවක් අවශ්‍ය වනු ඇත. තවද, නිවාරණය මෙන්ම බෝ නොවන රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමද, ඉතාමත් අභියෝගාත්මක වැඩ කටයුත්තකි. එනම් බොහෝමයක් බෝ නොවන රෝග, රෝග ලක්ෂණ නොපෙන්වමින් දිගු කාලයක් තිබීමයි. එබැවින් ඉක්මනින් මෙම රෝගීන් හ`දුනා ගැනීම සඳහා උපක‍්‍රම දියත් කළ යුතු අතර ප‍්‍රතිකාරක ක‍්‍රියාවලි නව තාක්ෂණය හා ගලපා ගනිමින් ප‍්‍රාථමික සත්කාරක සේවාවන් හරහා ක‍්‍රියාත්මක කළ යුතුය. එමෙන්ම එහිදී සමානාත්මතාවයෙන් හා තිරසාරභාවයෙන් යුත් උපක‍්‍රම සඳහා යොමු විය යුතුව ඇත. වේගයෙන් වයස් ගත වන ජනගහනයක් සිටින රටක් ලෙස හා එම වැඩිවන වයස් ගත ජනගහනය බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවධානමක් සහිත රටක් ශ‍්‍රී ලංකාව සිට ප‍්‍රාථමික සත්කාරක සේවාවන් හා සෞඛ්‍ය ප‍්‍රතිපත්ති මෙන්ම ජාතික ප‍්‍රතිපත්ති ඊට අනුකූලව ගොඩනැංවිය යුතුව ඇත. එම ක‍්‍රියාවලිය සඳහා පැහැදිලි දේශපාලනික කැප කිරීමත්, වාණිජ මාෆියාවන්ට එරෙහිව

 නැ`ගීසිටීමත්, ඒ වෙනුවෙන් ප‍්‍රතිපත්ති හා නීති සම්පාදනය කර ක‍්‍රියාත්මක කිරීමත් නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමත්, පෞද්ගලික සෞඛ්‍ය අංශය ප‍්‍රමිතිගත කිරීමත් අත්‍යවශ්‍ය වනු ඇත. එසේ කළහොත් වයස්ගත ජනගහනය වැඩිවීම රටට ආශීර්වාදයක් වනු ඇත.

 බෝ නොවන රෝග වලින් මිදුණු ජනතාවක් සමග ලෝකය දිනීමට පෙළ ගැසෙමු.

* පෙරඹර - බෝ නොවන රෝග, වයස්ගත වීම හා ශ‍්‍රී ලාංකීය සෞඛ්‍යය



 වෛද්‍ය නවීන් ද සොයිසා,
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

advertistmentadvertistment
advertistmentadvertistment