රටේ ජාතික ආරක්ෂාවයි, හොරු අල්ලන්නයි භාර දෙන්නේ ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකාට

327

රට බංකොලොත් වුණේ හොරා කෑම වැඩි වූ නිසයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස “සමගි බල පා ගමන” ගලිගමුවෙන් ආරම්භ කරමින් කියයි

මේ රටේ ජාතික සම්පත්, ජාතික දේපල, ජාතික ධනය හොරා කෑ නිසා බංකොලොත් තැනකට රට තල්ලු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා පැවසීය.

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” ඊයේ (28)තෙවැනි

දිනයට ගලිගමුවෙන් ආරම්භ විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් එම පා ගමනට එක්ව සිටිති. එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ විපක්ෂ නායකවරයා මෙසේයද කියා සිටියේය.

මේ ගමනේ අවසාන ඉලක්කය රට පුරාවටම මෙවන් පොදු ජන යාත්‍රා දියත් කරලා සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ පොදු ජන රජය බිහි කිරීම බව මේ අවස්ථාවේ කියන්න කැමතියි. මාස 30ක් ඇතුළත මේ රාජපක්ෂ පවුල මේ රට බංකොළොත් කළා. මේ රට විනාශ කළා. අද අපේ රට ලෝකයා හඳුන්වන්නේ බංකොලොත් ආණ්ඩුවක්, රජයක්, රටක් හැටියට. අපේ රට බංකොළොත් වුණේ වෙන මොන හේතුවක් නිසාවත් නෙවේ. මේ රටේ ජාතික ධනය, ජාතික දේපළ, ජාතික සම්පත හොරා කාපු නිසා. මම එදා ජනාධිපතිවරණ වේදිකාවේ කිව්වා මේ රටේ ජාතික ආරක්ෂාවයි, හොරු අල්ලන වැඩසටහනයි අපි භාර දෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කියලා. ඒවයේ කිසි වෙනසක් නැහැ. හොඳින් මතක

තියාගන්න හොඳ ගමනක් යනකොට එක එක අය ඉන්නවා, බොහෝ විට තනි පුද්ගලයන් ඉන්නවා, සමාජ මාධ්‍යවල බොරු දාලා මිනිස්සු නොමග යවලා මේ එක එක ගැටුම් නිර්මාණය කරන්න. හොඳට මතක තියාගන්න මේ සජිත් ප්‍රේමදාසව මගේ පක්ෂයේ කිසි කෙනෙක් එක්ක කොටවන්න කාටවත් බෑ. හැබැයි මම එක දෙයක් කියනවා. දියුණු රටක හොරු අල්ලන්න තනියෙන් හිටගන්න පුළුවන් ආණ්ඩු වෙනස් වෙන කොට වෙනස් නොවන ප්‍රබුද්ධ, ප්‍රසස්ථ රාජ්‍ය ආයතන ස්වාධීනව පිහිටුවන්නට ඕන. ඒ දූෂණ වංචා මැඬලන ඒ ආයතන පාර්ලිමේන්තු අණපනත්වලින් වෙනස් කරන්නට බැරිවෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෑබඑරුබජය ජරදිැි හැටියට අපි ස්ථාපනය කරනවා. ඒවා වෙනස් කරන්න නම් 2/3ක් ඕන. ජනමත විචාරණයකුත් ඕන. හැබැයි මේ වෙලාවේ මම කියනවා මේ රටේ තිස් වසරක අවසන් කරපු ඒ වීරෝධාර රණවිරුවට අපි එය භාරදෙනවා, මම භාරදෙනවා මේ රටේ මහජන දේපළ, මහජන සම්පත හොරාකාපු සූරාකාපු ඒ හොර කණ්ඩායම, ඒ හොර හැත්ත අධිකරණය ඉදිරියට ගෙනියලා මේ රටේ මිනිස්සුන්ගේ ඩොලර් ටික, පවුම් ටික, යුරෝ ටික මේ රාජ්‍ය දේපළ ජනසතු කර ජනතාවට අරන් දෙන යුගය බිහි කරනවා. අර බංකොලොත් වෙච්ච පොහොට්ටුකාරයෙක් පෙරේදා එකක් කියලා ඊයේ මගෙන් හොඳට අහගත්තා. ඉල්ලන් කෑවා. එකක් මතක තියාගන්න මේ සමගි ජන බලවේගයේ අපි කිසිම කෙනෙකුට කාත් එක්කවත් පුද්ගලික ඩීල් නෑ. හැබැයි අපිට එක ඩීල් එකක් තියෙනවා. ඒ තමයි මේ රටේ ලක්ෂ 220ක් එක්ක තියෙන සමාජ, දේශපාලන ගිවිසුම. අපි ඒක මොන හේතුවකටවත් කඩ කරන්නේ නෑ.

මිත්‍රවරුනි, මාස 30ක් රට කාලා හොරා කාලා කෝටිපතියන්ට බදු සහන දීලා රටේ ජාතික දේපල, උතුර, දකුණ, නැගෙනහිර, බටහිර එක් එක් රටවලට විකුණපු හොර හැත්තත් එක්ක අපිට අන්තර්වාර පාලන කරන්නෙ නෑ. අර හැමදාම පොඩ්ඩක් ප්‍රවෘත්ති බලන කොට දැන් යනවා විගඩ නාඩගම අමුතුම ටෙලිඩ්‍රාමාව ජනාධිපතිවරයා කියනවා අගමැති අයියේ ගෙදර යන්න ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න, අගමැතිවරයා කියනවා ජනාධිපති මල්ලියා කවදාවත් මට යන්න කියන්නේ නෑ. මල්ලියා මාව රැකගන්නවා. මොන විහිලුද?

කොටියාකුඹුර රම්‍යපාල, වරකාපොළ ආනන්ද

advertistmentadvertistment
advertistmentadvertistment