දිස්ත්‍රික්ක 13 ක 1,63,398 ක් නියඟයෙන් පීඩාවට

112

දැඩි නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 13 ක පවුල් 49,299 කට අයත් පුද්ගලයන් 1,63,398 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. යාපනයේ පමණක් 709,238 ක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.

අම්පාර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, මොනරාගල, මුලතිව්, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ජනතාව නියඟය නිසා දැැඩි පීඩාවට පත්ව සිටිති.

අම්පාරේ පවුල් 7739 ක පුද්ගලයන් 75,891ක්, මඩකලපුව පවුල් 8882 ක පුද්ගලයන් 29,508ක්, යාපනයේ පවුල් 21,999 ක පුද්ගලයන් 70,238 ක් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment