වනාන්තර අපරාධ අවම කර ගැනීමට අධිකරණය සමග සෘජුව සම්බන්ධ වන්න

37

වනඅඩිවියට විගණනයෙන් උපදෙස්

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මුලතිව් දිසා වන කාර්යාලය හා ඕළුමඩු අඩවි වන කාර්යාලය යටතේ පාලනය වන රක්ෂිත වනාන්තර, අනවසරයෙන් එළිකිරීම, ගස්හෙළීම, දැව ප්‍රවාහනය වැනි වන අපරාධ 1420ක් ඉකුත් (2017- 2022) වසර හයක කාලය තුළදී සිදුකර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම කුරුණෑගල දිසාවන කාර්යාලයට අයත් අඩවි 05 යටතේ පාලනය වන රක්ෂිත වනාන්තර හෙක්ටයාර් 253.053කට හානිසිදුකර තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මිට අදාළ නඩු කටයුතු ඉතා මන්දගාමීව සිදුවන බවත් වන අපරාධ දැව විශාල වශයෙන් ගොඩගැසී දිරාපත්වෙමින් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. වන අපරාධ අවම කරගැනීමට හා පාලනය කරගැනීමට කටයුතු කළයුතු බවත් අදාළ අධිකරණ සමග සෘජුවම සම්බන්ධවී අදාළ නඩු විසඳීම සඳහා කාර්යක්ෂම කරගැනීමට පියවරගතයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබඳ වන සංරක්ෂණ දේපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත්තේ විගණන නිරීක්ෂණ සමග එකඟවන බවය. ප්‍රමාදයකින් තොරව නඩු පැවරීමට කටයුතු කරණු ලැබුවද නඩු විසඳීමේ ප්‍රමාදව වන සංරක්ෂණ දේපාර්තමේන්තුවේ පාලනයෙන් බැහැරව සිදුවන බවත් ඒ ගැන යමක් ප්‍රකාශ කළ නොහැකි බවය. හැකි සැම අවස්ථාවකදීම අධිකරණ ක්‍රියාවලිය අවසන් නොවුවද නියෝග ලබාගෙන දැව විකිණීමට රාජ්‍ය දැව සංස්ථාව වෙත දැනුම්දීමට කටයුතු කර ඇති බවය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment