දකුණු ආසියානු කලාපයේ දිගම උමගෙහි ඉදිකිරීම් නුදුරේදීම

414

දකුණු ආසියානු කලාපයේ දිගම උමෙ`ගහි ඉදිකිරීම් ලබන වසරේ අපි‍්‍රයෙල් මාසයේදී ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. උතුරු මැද පළාත් ඇළෙහි මෙම උම`ග ඉදිකිරීමට මූලික කටයුතු ආරම්භ කර තිබේ.

හෙක්ටයාර 74000 කට යල – මහ දෙකන්නයේ දියවර සැපයීමට ඉදිකෙරෙන උතුරු මැද පළාත් ඇළ යටතේ මෙම උම`ග ඉදිකෙරෙන බව මහවැලි ජල සුරක්‍ෂිතතා ආයෝජන වැඩසටහනේ ප‍්‍රධාන සන්නිවේදන විශේෂඥ කළණ දම්පිය විජේතිලක මහතා පැවැසීය.

ලග්ගල මොරගහකන්ද ජලාශයේ සිට, කිලෝ මීටර 96 ක් දිගින් උතුරු මැද පළාත් ඇළ ඉදි කෙරේ. උමෙ`ගහි මූලික ඉදිකිරීම් ආරම්භ කළ බව මහවැලි ජල සුරක්‍ෂිතතා ආයෝජන ව්‍යාපෘතිය පැවැසීය

කිලෝ මීටර 27 ක් දිග උමෙ`ග් ආරම්භක ස්ථානය පළුගස්වැව වන අතර උමං කැණීම් යන්ත‍්‍රය උමං පථයට ප‍්‍රවේශ කිරීමට ගැඹුර මීටර් 28 සහ පළල මීටර් 26 ක් ගැඹුරු ආවාට ද්වාරයේ කැණීම් ආරම්භ කර ඇත

උතුරු මැද පළාත් ඇළ යටතේ මහවැලි දියවර සැපයෙන මහ වැව් 07 ක් කුඩා වැව් 1505 ක් සහ 130 ක් වන එල්ලංගා වැව් පද්ධතියට මොරගහකන්ද ජලාශයෙන් ජලය සැපයෙන අතර මෙහි පළමු අදියරේ ඉඳිකිරීම් සදහා මිලියන 88500 ක් වැය කෙරෙන බව හෙතෙම පැවැසීය

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment