ඇෆ්ගනිස්තාන සටනට පකිස්තානය එයි

250

ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන පකිස්තාන – ඇෆ්ගනිස්තාන එක් දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (17 දින) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම තරගාවලිය ඇෆ්ගනිස්තානයේ පැවැත්වීමට සැළසුම් කර තිබුණ ද, පසුව එම තීරණය වෙනස් කර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබේ.

එක් දින සීමිත ඕවර් 50 තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය, 08/22 සහ 08/24 දින හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණයේදී තරග දෙකක් සහ 08/26 දින අවසාන තරගය කොළඹ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, උපදේශකවරුන් සහ කළමනාකරුවන් ඇතුළු 21 දෙනකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ඔවුන් 08/17 දින පස්වරු 04.25 ට පකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සංවිධානය කර තිබුණි.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment