ඉන්දියාවෙන් ගෙන්වන ප‍්‍රථම සහල් තොගය ඊයේ කොළඹ වරායට – ඇමැති බන්දුල

188

රජය විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ප‍්‍රථම සහල් තොගය ඊයේ (10දා)  කොළඹ වරයාට පැමිණීමට නියමිතව තිබුණි.

මෙලෙස ඉන්දියාවෙන් ආනයනය කෙරෙන ස්වර්ණ සම්බා සහල් ඉදිරි දින කිහිපයේදී සතොස මගින් කිලෝව රුපියල් සියයට අඩුවෙන් අලෙවි කරන බවද වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සහල් තොගය කොටස් වශයෙන් සතියකට දෙවරක් බැගින් මෙරටට ලැබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය. රට තුළ සහල් හිඟයක් මවාපා අධික මිලකට සහල් අලෙවි කිරීමට ව්‍යාපාරිකයන් කටයුතු කිරීමත් සමග රජය සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කළේය.

ඒ අනුව ඉන්දියාවෙන් හා බුරුමයෙන් සහල් ඇණවුම් කළ අතර ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සහල් තොග කොටස් වශයෙන් මේ වනවිට ලැබෙමින් පවතින බවත්, ඉන් අනතුරුව බුරුමයෙන් ඇණවුම් කරන ලද සහල් තොග මෙරටට ලැබීමට නියමිතව ඇති බවත් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment