කෝටිපතියා මැරුවේ ජීවිත රක්‍ෂණය සහ බිලියන ගණනක දේපළ අයිති කරගන්න

690

බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ මිතුරිය විසින් ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතා අබිරහස් අන්දමින් ඝාතනය කර ඇත්තේ ඔහුට අයත් ඩොලර් මිලියන 1.5 ක ජීවිත රක්‍ෂණය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ලබා ගැනීමට බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඔනේෂ් සුබසිංහ ඝාතනයෙන් පසු බ්‍රසීලයට පලාගිය ඔහුගේ බිරිඳ මෙම දේපළ තමන් සතු කර ගැනීමට නොයෙකුත් උපක්‍රම භාවිතා කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ඉන්දුනීසියාවේ සුපිරි මහල් නිවාසයකදී ඔනේෂ් සුබසිංහ මහතා අබිරහස් අන්දමින් මරා දැමීමෙන් පසු ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ මිතුරිය පලාගොස් ඇත්තේ, ඔනේෂ් සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම දුරකථන, මිලියන ගණනක් වටිනා අත්ඔරලෝසුව ඇතුළු තවත් වටිනා භාණ්ඩ රැසක් ද රැගෙන බව විමර්ශන නිලධාරීහු පවසති.

ඊට අමතරව ඔනේෂ්ගේ බිරිඳ ඉන්දුනීසියාවේ විනෝද චාරිකාවට යද්දී ද ඔහුට අයත්ව තිබූ මෙරට වටිනා දේ සෑහෙන ප්‍රමාණයක් ද රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

ඔනේෂ් සුබසිංහ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment