රාජ්‍ය ඇමැතිවරු 35ක් අද දිවුරුම් දෙති

255

රාජ්‍ය ඇමැතිවරුන් 35 දෙනකු අද (08 දා) දිවුරුම් දීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව ද එම ආරංචිමාර්ග පැවසීය.

පවතින රාජ්‍ය අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයකු ලබාදීමටත්, රාජ්‍ය ඇමැතිවරුන් එම ධුරයේ වැටුප් ලබා නොගැනීමටත් බොහෝ දුරට ඉඩ තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිවරුන් සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ වෙන් කිරීමක් සිදු නොවනු ඇති බවත්, විෂය භාර කැබිනට් ඇමැතිවරයා විසින් ඔවුන්ට විෂය පථයන් ලබාදෙනු ඇති බවත් පැවසූ එම ආරංචි මාර්ග මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට ඊයේ (08දා) පැමිණීමට නියමිත බවත් පැවසීය.

චමින්ද සිල්වා – නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment