තායි අගමැති අද එයි: නිදහස් වෙළෙඳ ගිවිසුමත් අත්සන් කරයි

44

දෙදින නිල සංචාරයක් සඳහා අද (03 දා) මෙරටට පැමිණෙන තායිලන්ත අග්‍රාමාත්‍ය සේට්ඨා තව්සින් මහතා ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට හා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය හා තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම සංචාරය සඳහා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා වාණිජ අමාත්‍ය ථුමිතාම් වෙවයචාය, නියෝජ්‍ය විදේශ අමාත්‍ය වික්කපොං සංග්මනී යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිතයන් ප්‍රමුඛ 39 දෙනෙකු සහභාගි වෙති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමෙන් ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උළෙලේ ගෞරවණීය ආරාධිතයා ලෙස සහභාගි වන තායි අග්‍රාමාත්‍යවරයා කොටහේන දීපදුප්තමාරාමයේ පැවැත්වෙන ආගමික උත්සවයකට ද සහභාගි වීමට නියමිතය.

මේ අතර තායිලන්ත වාණිජ අමාත්‍යාංශය යටතේ ඇති ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ ලංකා වාණිජ මණ්ඩලයත් එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා – තායිලන්ත ව්‍යාපාරික සංවාදයක් මෙම සංචාරය අතරතුරදී කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වේ.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment