එන්නත්කරණය සහ ජනතාවගේ හැසිරීම යළි ලොක්ඩවුන් එකක් තීරණය කරනු ඇති – වෛද්‍ය නවීන්ද සොයිසා

108

එන්නත්කරණය, කොවිඞ් වෛරස හඳුනාගැනීමේ පරීක්ෂණ (පී. සී. ආර්. සහ රැපිඞ් ඇන්ටිජන්) සහ මෙරට සමස්ත ජනතාවගේ හැසිරීම, රට නැවත වසා දැමීමකට යෑම තීරණය කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (25දා) පැවසීය.

කොවිඞ් තත්ත්වය හමුවේ රට යළි තීරණාත්මක තැනකට පැමිණ ඇතත් මේ දක්වා රට වසා දැමීමේ අවශ්‍යතාවක් මතුව නැතැයි පැවසූ ඒ මහතා සෑම අංශයකින්ම නිවැරදි තීන්දු නොගතහොත් ඉතා ඉක්මනින් රට නැවත වසා දැමීමකට යා හැකි බව ද සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නවීන් ද සොයියා මහතා මෙසේ ද කීවේය.

‘‘කොවිඞ් වසංගතය තවම ඉවර නැහැ. අපි ඔමික්‍රොන් ප‍්‍රභේදය ගැන විතරක් වද වෙමින් ඉඳීමේ පලක් නැහැ. මීට එහා ගිය භයානක විකෘති ප‍්‍රභේද තව පැමිණිය හැකියි. එවැනි තත්ත්වයක් ආවොත් රට වහන්නම වෙයි.

මොන ප‍්‍රභේදය ආවත් රට වහන්න වෙන්නේ ජනතාවගේ, රජයේ සහ සෞඛ්‍ය අංශවල නොසැලකිල්ල ඉස්මතු වුණොත් පමණයි. දැන් හැමෝම වගකීමෙන් ඈත්ව යන ස්වභාවයක් දක්නට තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉවත දමමින් පසුගිය සති කිහිපයේදී බොහෝ පිරිස් කටයුතු කළා. එහි ප‍්‍රතිඵල තමයි මේ දකින්නට තිබෙන්නේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment